May 03, 2024

අද කාලගුණය : රාත්‍රී සහ අලුයම කාලයේ කාලගුණයේ වෙනසක්

December 26, 2021

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

උදෑසන කාලයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවත් දිවයිනේ, බොහෝ ප්‍රදේශවල රාත්‍රී සහ අලුයම කාලවලදී තරමක ශීත කාලගුණ තත්ත්වයක් ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු-මැද, දකුණු සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බවත් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන බවත් සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ විය හැකි බව මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කරමින් සඳහන් කරනවා.

මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 45 පමණ දක්වා වැඩි විය හැකි බවද එම අනාවැකියේ සඳහන්.

මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවත් දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට මද වශයෙන් රළු විය හැකි බවද එම අනාවැකියේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 25 December 2021 23:07