May 02, 2024

රාජ්‍ය සේවකයින්ට සුබ ආරංචියක්! විශේෂ මුදලක් දෙන්න තීන්දුවක්

December 25, 2021

රාජ්‍ය නිලධාරීන් සඳහා 2022 වර්ෂයට අදාළව විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට තීරණය කර තිබෙන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

රුපියල් 4,000කට නොවැඩි වන විශේෂ අත්තිකාරම් මුදලක් එලෙස ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ චක්‍රලේඛය මේ වනවිට නිකුත් කර ඇතැයි එම අමාත්‍යාංශය පෙන්වා දුන්නා.

මෙම අත්තිකාරම් ගෙවීම ලබන වසරේ ජනවාරි 01 වැනිදායින් ආරම්භ කර පෙබරවාරි 28 වැනිදායින් අවසන් කළ යුතුය.

මහා භාණ්ඩාගාරයේ එකගතාව මත මෙම චක්‍රලේකය නිකුත් කළ බවයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේ.

Rate this item
(0 votes)