April 19, 2024

තිරුක්කෝවිල් පොලීසිය ඇතුළේ වෙඩි වරුසාවක්! මරණ ගණන ඉහළට Featured

December 25, 2021

තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ දී සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබෙනවා.

වෙඩි වැදිමෙන් බරපතළ තුවාල ලබා කල්මුණේ අෂ්රෆ් රෝහලට ඇතුළත් කළ පොලිස් සැරයන්වරයෙකු මෙලෙස මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ සිදුකළ වෙඩි තැබීමෙන් මියගිය පොලිස් නිලධාරින් සංඛ්‍යාව 04 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇතැයි පොලීසිය පවසනවා.

වෙඩි වැදිම හේතුවෙන් තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් නිලධාරියෙකු  තවදුරටත් ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළා.

තිරුක්කෝවිල් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයෙකු විසින් අදාළ වෙඩි තැබීම සිදුකර  තිබූ අතර පසුව එම සැරයන්වරයා ඇතිමලේ පොලිස් ස්ථානයට භාරවී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 25 December 2021 10:57

Related items