May 22, 2024

"මෙරට ජනතාව නත්තල සමරන්නේ පාස්කු ඉරිදා වේදනාව හිතේ තියාගෙනයි"

December 25, 2021

මෙරට කිතුනු ජනයා නත්තල සමරනුයේ මින් වසර දෙකකට වැඩි කලකට පෙර පාස්කු ඉරිදාවක සිදුකළ කුරිරු ප්‍රහාරයේ කටුක වේදනාව තවමත් සිත් දරාගෙන බව අමතක නොකළ යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා පවසනවා.

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කර තිබුණේ නත්තල් දින සුබ පැතුම් එක් කරමිනි.

එම නත්තල් දින සුබ පැතුම් පණිවිඩය පහතින්,

ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උපත හා බැඳුණු උතුම් ආගමික මංගල්‍යයකි නත්තල් දිනය.

එය ජේසු සමිඳාණන් දේශනා කළ හා පැවැත්මෙන් ප්‍රදර්ශනය කළ සාමය, ප්‍රේමය, කරුණාව,ශිෂ්ට මනුෂ්‍ය සමාජයේ පදනම මත නිර්මාණය වුවකි.

නත්තල් දිනය කිතුනු පවුල් එකට එකතු වෙන, තෑගි භෝග හුවමාරු කරගන්නා, නොමනාපකම් අමතක කොට බැඳීම් අලුත් කරගන්නා විශේෂිත දිනයක් ද වන්නේ ය.

කොවිඩ් – 19 වසංගතය හමුවේ ආර්ථික, සාමාජයීය හා සංස්කෘතික වශයෙන් අකර්මන්‍ය වූ ලෝකය යළි පුබුදු කිරීමට මේ දහම උපයෝගි කොට ගත හැකිය.

මෙරට කිතුනු ජනයා නත්තල සමරනුයේ මින් වසර දෙකකට වැඩි කලකට පෙර පාස්කු ඉරිදාවක සිදුකළ කුරිරු ප්‍රහාරයේ කටුක වේදනාව තවමත් සිත් දරාගෙන බව අප අමතක නොකළ යුතුය.

ජේසුස් ක්‍රිස්තූන් වහන්සේ දේශනා කළ සාමයේ හා ප්‍රේමයේ ලොව පැතිරේවා..!

ශ්‍රී ලංකාවාසී හා සියලු ලෝක වාසී කිතුනු ජනයාට ප්‍රීතිමත් සුබ නත්තලක් වේවා..!

එයයි මගේ ප්‍රාර්ථතනය.

ජීවන් ත්‍යාගරාජා
උතුරු පළාත් ආණ්ඩුකාරවර

Rate this item
(0 votes)