May 02, 2024

සජිත්ගෙන් අමුතුම පත් වීමක්

December 24, 2021

විපක්ෂ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඔයාගේ ඇතැම් ප්‍රකාශ හා සමාජ ජාලා පණිවිඩ විවේචනයට හා හාස්‍යයට ලක්වන්නක්.

ඒ ඇතැම් ප්‍රකාශ හා පණිවිඩ සඳහා විපක්ෂ නායකවරයා යොදා ගන්නා බර වචන නිසා.

නව කළමනාකරු

ඊට පිලියමක් විපක්ෂ නායකවරයා යොදා තිබෙනවා.

ඒ තමා වෙනුවෙන් පණිවිඩ සැකසීම සඳහා නව ට්ව්ටර් කළමනාකරුවෙකු පත් කරගෙන තිබීමයි.

එම කළමනාකරුවා අපූරු නිර්මාණකරුවෙකු බවයි වාර්තා වන්නේ.

සරල නිර්මාණ

පසුගිය දින කීපය පුරා ඔහු "විශ්වාසන්ත පුද්ගලයෙකු" ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිරූපය ගොඩ නැංවෙන අයුරින් සරලව පණිවිඩ නිර්මාණය කොට තිබෙනවා.

"උදේට නැගිටලා පොල් සම්බෝලයක සුවඳ බලමු" ඒ අතරින් එකක්.

ජවිපෙ නායකයා

සජිත් ප්‍රේමදාස මහතා විශේෂයෙන්ම මේ අංශය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට හේතුවක්ද තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ හා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සමාජ මාධ්‍ය ජාලා තුළ ඉතා සාර්ථක හා ක්‍රමානුකූල වැඩ සටහනක් දියත් කිරීමයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 24 December 2021 16:53