May 13, 2024

තෙල් මිල හදිසියේ වැඩි කරයි - නව මිල ගණන් මෙන්න

December 21, 2021

වහාම ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ඛණිජ තෙල් සංස්ථාව තීරණය කර තිබෙනවා.

මෙම මිල ඉහළ දැමීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක යි.

අදාළ මිල සංශෝධනයට අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ ලීටරයක් රුපියල් 177ක් ලෙස යි.

ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් ලීටරයක මිල වැඩි වී ඇත්තේ රුපියල් 23කින්.

එහි නව මිල ලීටරයක් රුපියල් 207ක්.

ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 15කින් ඉහළ දමා ඇති බව සඳහන්.

ඒ අනුව සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 121ක්වන අතර සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 159ක් වනවා.

භූමිතෙල් මිල ද ඉහළ දමා තිබෙනවා.

ඒ ලීටරයක් රුපියල් 10ක් ලෙසින්.

ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 87ක්.

UPDATE: IOC තෙල් මිලත් වෙනස් වෙයි 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 December 2021 17:55