April 28, 2024

සිර මැදිරියේ සිටි මන්ත්‍රී මියගිය හේතුව එළියට

December 20, 2021

පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරයාගේ මරණයට හේතුව පැහැදිලි කරමින් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම මරණයට හේතුව ලෙස හෘදයාබාධයකින් රුධිරවාහිණී අවහිරතාවයක් ඇති වීම නිසා සිදු වූ මරණයක් ලෙස වාර්තාව ලබාදී ඇති බවට හුංගම පොලිස් ස්ථානාධිපති විසින් වාර්තා කර ඇති බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

ඊයේ (19) සිදු කර තිබූ ඔහුගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාව පදනම් කරගනිමින් මෙම නිවේදනය නිකුත් කර ඇති අතර හම්බන්තොට රෝහලේදී හම්බන්තොට අධිකරණ වෛද්‍ය නිලධාරීවරිය විසින් අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර තිබෙනවා.

සබැඳි පුවත් : අත්අඩංගුවට ගත් මන්ත්‍රී පොලීසිය ඇතුළේ මිය යයි - චෝදනාව බරපතලයි (CCTV)

Rate this item
(1 Vote)