May 14, 2024

කිලෝ ගණන් හෙරොයින් මතු වූ නැව කොළඹ වරායට

December 15, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එකතුව පසුගිය සෙනසුරාදා ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී හෙරොයින් කිලෝ 250 ක් සමඟ අත්අඩංගුවට ගත් යාත්‍රාව කොළඹ වරායට අද (15) පෙරවරුවේ රැගෙන ආවා.

එම යාත්‍රාව පාකිස්තානු සහ ඉරාන ජාතිකයන් හය දෙනෙක් ද සමඟ අත්අඩංගුවට පත් වුණා.

අත්අඩංගුවට ගත් යාත්‍රාව සහ හෙරොයින් තොගය නිරීක්‍ෂණය කිරීමට ආරක්‍ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා ද වරායට පැමිණ සිටියා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 15 December 2021 15:43