May 17, 2024

යළි විදුලි කප්පාදුවක්! අඳුරෙ ඉන්න වෙන වේලාව මෙන්න Featured

December 12, 2021

ඇතැම් ප්‍රදේශවලට පැය භාගයක පමණ විදුලි සැපයුම සීමා කිරීමට සිදු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ඊට හේතු වී ඇත්තේ නොරොච්චෝල ලක්විජය ගල්අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ නැවතත් ඇති වු දෝෂයක්.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ බොයිලේරුවල ජල කාන්දු වීමක් සිදු වන බැවින් එය යථා තත්ත්වයට පත් කර ගැනීමට දෙවන ජනන යන්ත්‍රය පද්ධතියෙන් ඉවත් කර තිබෙන බවය.

එම නිසා විදුලි ජනන ධාරිතාවය විදුලි ඉල්ලුමට ප්‍රමාණවත් නොවන බැවින් පැය භාගයක පමණ ඇතැම් ප්‍රදේශවලට විදුලි සැපයිම සීමා කිරීමට සිදු වෙනවන බව ඒ මහතා පෙන්වා දුන්නා.

Rate this item
(0 votes)