April 28, 2024

මේ එළ හරකුන්ට කතා කරන්න පුළුවන් නම් කියයි ශ්‍රීමාලි රන් පදක්කම දිනපු විදිහ

December 11, 2021

ශ්‍රීමාලී සමරකෝන් ලෝක ශුරතා සහ පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේ රන් පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දුන්නා.

ඒ කිලෝ ග්‍රෑම් 45 ට අඩු බර පන්තියේ බර ඉසිලීමේ රන් පදක්කම්යි.

පොදු රාජ්‍යය මණ්ඩලීය උළෙල

උස්බෙකිස්ථානයේ මේ වන විට පැවැත්වෙන මෙම ශූරතාවලියේ මෙම ජයග්‍රහණයත් සමඟ ඇය ලබන වසරේ එංගලන්තයේ බර්මින්හැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය උළෙලටත් සුදුසුකම් ලබා ගනිමින්.

රන් පදක්කමක් කරා ශ්‍රීමාලී සමරකෝන්ගේ ගමන අතිශයින් ම දුෂ්කර එකක්.

දඹුල්ල පලුගස්වැව ප්‍රදේශයේ කොට්ඨාසයේ තිඹලව නැමැති දුෂ්කර ගම්මානය ජීවත්වෙන ඇය අදටත් ගෙවන්නේ අගහිගකම් වලින් පිරි දුෂ්කර ජීවිතයක්.

එහෙත් ඒ ඇගේ ඉලක්කය කරා යෑමේදී බාධාවක් වූයේ නැහැ.

අධ්‍යාපනයටද දස්කම්

ක්‍රීඩාවට පමණක් නොව අධ්‍යාපනයට දස්කම් දක්වන ඇය මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව සහ කළමනාකරණය පිළිබඳ උපාධි අපේක්ෂිකාවක් ලෙසද අධ්‍යාපනය ලබනවා.

ඇගේ ගම් පියසේ දහම් පාසල් ගුරුවරයකු වන නන්දන සෙනෙවිරත්න මහතා ඇගේ දුක්බර කතාව සහ ජයග්‍රහනය විස්තර කළේ අපූරු ආකාරයට.

ඊට ඔහු පදනම කරගත්තේ ශ්‍රීමාලී සමරකෝන් පවුල ජීවනෝපාය සඳහා කරගෙන යන හරක් පට්ටියේ කතාවයි.

"මේ හරක්ට කතා කරන්න පුළුවන් නම් කියයි ශ්‍රීමාලි රන් පදක්කම ගත්තේ අපි හින්ද කියලා.ඒත් මේ හරක්ට කතා කරන්න බැහැ.කතා කරන්න පුළුවන් මිනිස්සුන්ට ඒකේ ලොකු අගයක් නැහැ."

කිරි හරක් ගත්තෙත් කුඹුරු උගස් තියා බව සඳහන් කරන ශ්‍රීමාලිගේ පියා තවමත් ක්‍රීඩා අමාත්‍යාංශයෙන්වත් කතා කළේ නැති බවත් සදහන් කරනවා.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 11 December 2021 10:19