පොලොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 65 පාසියාවැව දියබුඹුල සහ 69 හිඟුරක ග්‍රාම නිලධාරී වසම් තුළ නිවාස 66ක පිරිස් මිට අවුරුදු 1 හමාරකට පමණ පෙර ඒවායෙන් ඉවත් කර ඇත්තේ එම නිවාස ඉරි තලා ගිලා බැසීමේ අවධානම හේතුවෙන්.
එහිදී නව නිවාස ඉදි කර දෙන තෙක් රුපියල් 10,000කට අඩුවෙන් කුලී පදනම මත නිවසක් සොයා ගන්නා ලෙස බලධාරීන් නිවැසියන්ට දැනුම් දී තිබෙනවා.
අදාළ පිරිස් කුලී පදනම මත වෙනත් ස්ථාන වලට මාරු වී ඇත්තේ ඒ අනුවයි.
මාස තුනක් පමණ යනතුරු කුලී මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලැබුණත් ඉන්පසු එම දීමනාව මෙම ජනතාවට ලැබී නැහැ.
එවැනි තත්වයක් තුළ යළිත් ඉරි තලා ගිය ගිලා බැසීමේ අවධානමක් සහිත පැරණි නිවාස වලටම පැමිණ ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වීමට ඔවුන්ට සිදුව තිබෙනවා.