April 30, 2024

කඩුගන්නාවෙන් වසා දැමුණු මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගය යළි විවෘත කරයි

November 28, 2021

පැවති අධික වර්ෂාවත් සමඟ පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දැමුණු මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගය යළි විවෘත කර තිබෙනවා.

නායයෑමේ අවදානමක් හේතුවෙන් මීට පෙරද එම මාර්ගය තාවකාලිකව වසා දැමුණු අතර පසුව එය යළි විවෘත කෙරුණා.

කෙසේ වෙතත් ඊයේ (28) රාත්‍රියේ පැවති අධික වර්ෂාව හේතුවෙන් මධ්‍යම රාත්‍රී 12ට පමණ මාර්ගය යළි වසා දැමීමට පියවර ගත්තා.

තත්ත්වය යහපත්වීම හේතුවෙන් අද (28) පෙරවරු 6.00ට එම මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත්කළ බවයි පොලීසිය සඳහන් කළේ.

Rate this item
(0 votes)