May 02, 2024

ෆොන්සේකා සත්තුන්ගේ නම් කියමින් කරන විගඩම ගැන බලන්නේ නැත්තේ ඇයි: විමල් පාර්ශවයේ මන්ත්‍රී ප්‍රශ්න කරයි

November 26, 2021

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සමගි ජන බලවේග මන්ත්‍රීවරියක වන රෝහිණී කවිරත්න මහත්මිය ඉලක්ක කොට යටි අරුත් ඇති අසභ්‍ය ප්‍රකාශයන් කිරීමේ සිද්ධිය තවමත් අවසන් වී නැහැ.

අදද (25) සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් එම සිද්ධියට විරෝධය පෑම වස් "කාන්තාවන්ට එරෙහි හිංසනය නවත්වනු" යන්න සදහන් වූ පාඨ ඇතුළත් රෙදි කැබලි ඇඳුම් වල අලවා ගෙන තිබුණා.

ආන්ඩුවේ මන්ත්‍රීගේ චෝදනාව

ඒ අතර ආණ්ඩුව නියෝජනය කරන මොහොමඩ් මුසම්මිල් මන්ත්‍රීවරයාද මීට ටික දිනකට පෙර කතානායකවරයා වෙත පැමිණිල්ලක් කලා.

ඒ තම පාර්ශවයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරියකට කළ අපහාසය ගැන කතා කලත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් නිරන්තරයෙන් ආණ්ඩු පාර්ශවයේ මන්ත්‍රීවරුන්ට විවිධ නම් කියමින් කරන ප්‍රකාශ ගැන කිසිවකුත් අවධානය යොමු නොකරන බවටයි.

විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මුසම්මිල් මන්ත්‍රීවරයා එසේ චෝදනා කළේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාටයි.

සත්තුන්ගෙ නම්

ෆොන්සේකා මහතාද පාර්ලිමේන්තුවේ හැසිරීමට දන්නේ නැති බව පෙන්වා දුන් මුසම්මිල් මන්ත්‍රීවරයා ඔහු මුළු සත්තු වත්තේ ඉන්න සත්තුන්ගේ නම් කියමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට බැණ වදින බව සඳහන් කරනවා.

මීට ටික දිනකට පෙර ෆොන්සේකා මහතා විමල් වීරවංශ මහතාට දැඩි දෝෂාරෝපණයක් කරද්දි ඊට ආණ්ඩු පාර්ශවයෙන් යම් යම් විරෝධතා මතු වුණා.

එහිදී ෆොන්සේකා මහතා එසේ බාධා කළ මන්ත්‍රීවරුන්ට විවිධ සතුන්ගේ නම් කියමින් දැඩි දෝෂාරෝපණයක් කළා.

ෆොන්සේකා සත්තුන්ගේ නම් කියමින් කරන විගඩම ගැන බලන්නේ නැත්තේ ඇයි : විමල් පාර්ශවයේ මන්ත්‍රී ප්‍රශ්න කරයි

Rate this item
(0 votes)
Last modified on Friday, 26 November 2021 00:33