May 17, 2024

(EXCLUSIVE) "අපි කිසිසේත් මේ ආණ්ඩුවෙන් එළියට යන්නේ නෑ" - විමල්ගේ ස්ථාවරය එළියට

විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණට ආණ්ඩුව තුළ ඉන්න වෙයිද, ඉන්න පුලුවන්ද, යන්න වෙයිද යන්න තීරණය වන්නේ ආණ්ඩුව තුළ ඇතිවන දේශපාලන කරුණු මත බව පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා සඳහන් කරයි.

ගුණසේකර මහතා මෙම අදහස් පළ කළේ ජාතික නිදහස් පෙරමුණ සහ පොදුජන පෙරමුණ අතර ඇතිව තිබෙන මතභේදාත්මක තත්වය මත සිය පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙනවාදැයි ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

ජාතික නිදහස් පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් නායකයා මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ ජානිපෙ තමන් මුල්වී ගොඩනඟපු ආණ්ඩුවෙන් එළියට යෑමට කටයුතු කරන දේශපාලන බලවේගයක් නොවන බවය.

ජාතික නිදහස් පෙරමුණ මේ සෑම දෙයක්ම කරන්නේ එදා ලබාදුන් ජනවරම ආරක්ෂා කර ගැනීමේ අරමුණින් හා ජයග්‍රහනය කර වූ ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාගේ ආරක්ෂාව සඳහා බවද ගුණසේකර මහතා අවධාරණය කරයි.

එදා මහින්ද රාජපක්ෂ මහතාට ජාතිකත්වය පදනම් කොට ගෙන දුන් ජනවරම යළිත් නිවැරදි පැත්තට යොමු කර ගැනීම සඳහා වූ අරගලයේ ජාතික නිදහස් පෙරමුණ නියැලී සිටින බව ද ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

අපේ මේ භාවිතය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිළිගන්නා ආකාරයට අනුව ජාතික නිදහස් පෙරමුණේ අනාගතය තීරණය වනු ඇති බවද පෙන්වා දෙන ගුණසේකර මහතා තම පාර්ශවය කිසිසේත්ම මේ ආණ්ඩුවෙන් යන්න කටයුතු කරන පාර්ශවයක් නොවන බව නැවත වතාවක් තහවුරු කරයි.

මේ ආණ්ඩුව ගේන්න මුල් වුණු නායකයන් හැටියට ආණ්ඩුව තුළ සිටිමින් සටන් කරන බවද කවුරුන් හෝ තම පාර්ශ්වය ආණ්ඩුවෙන් එළියට යැවීමට උත්සාහ කරන්නේ නම් ඊට එරෙහිව කටයුතු කරන බවද අවධාරණය කරයි.

පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා සමඟ කළ සංවාදයේ හඩපටය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Friday, 19 March 2021 16:16