May 03, 2024

ගෙන්නන හැම දේකින්ම අමාත්‍යාංශ වල ඉඳන්ම කොමිස් ගහනවා : ඇමති වාසු කියයි

November 22, 2021

අමාත්‍යාංශය හරහා නෙවෙයි සක්‍රයා ගෙනාවත් එතන අනිවාර්යෙන්ම ජාවාරමක් සිදු වන බව වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා සඳහන් කරනවා.

අනිවාර්යයෙන්ම ඒවා හරහා වංචාවක් සිදු වන බව තමන් දන්න බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

නෑනෝ යූරියා වංචාව

වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ නැනෝ යූරියා වංචාව පිළිබඳව මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

කුමන දේ ගෙන ආවත් ඒවා දූෂණය හරහා යන බවත් ඒ තුළින් කොමිස් මුදලක් තබා ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

හතර ගුණයක මිල

නැනෝ යූරියා දියර මිලි ලීටර් 500 ක බෝතලය ඉන්දියානු රු.240ක් එනම් ඩොලර් 3ක් වන අතර එය මෙරටට ඇමරිකානු ඩොලර් 12 කට ගෙන්වීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබෙනවා.

ඒ හරහා බරපතළ වංචාවක් සිදුව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද හෙළිදරව් කර තිබෙන්නේ ඒ විෂය අයිති ශෂීන්ද්‍ර රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරයාට බව පවසමින්.

Rate this item
(1 Vote)
Last modified on Monday, 22 November 2021 00:22