May 03, 2024

ආනයන තහනම තිබියදී වාහන ගෙන්වලා

November 21, 2021

රජය දැනට වාහන ආනයන තහනමක් ක්‍රියාත්මක කළද එම තහනම මැද වාහන ආනයනය කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව 2020-2021 වසර තුළ මෙරටට ෆීසර් ට්‍රක් රථ 1064ක් ආනයනය කර ඇතැයි සඳහන්.

මේවා විවිධ ව්‍යාපාර සඳහා උපයෝගී කරගන්නා බව ප්‍රකාශ කරමින් ආනයනය කර තිබෙනවා.

කෙසේ වෙතත් ඉන් බොහොමයක් විධිමත් ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ.

මේ පිළිබඳ සති අන්ත ජාතික පුවත්පතකද තොරතුරු වාර්තා කර තිබුණා.

Rate this item
(0 votes)