May 17, 2024

යූරියා ඇතුළු ශාක පෝෂක ගෙන්වන්න අවසර දෙයි - දැන් ඇනවුම් දීලත් ඉවරයි

November 21, 2021

නිසි ප්‍රමිතියෙන් යුත්, ගුණාත්මක ශාක පෝෂක මෙරටට ගෙන්වීමට රජය යළි අවසර දී තිබෙනවා.

ඒ, කෘෂි විද්‍යාඥයින් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයාට යොමු කළ කෘෂි මාර්ගගත සැලැස්මට අනුවයි.

ඒ අනුව, මෙරටට අවශ්‍ය සියලු ගුණාත්මක බවින් යුත්, නිර්දේශිත පොහොර ආනයනය කර, කඩිනමින් ගොවි බිම් වෙත නිකුත් කිරිමට මේ වන විටත්, අවශ්‍ය පසුබිම් සකස් කරමින් ඇතැයි, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා සඳහන් කර තිබෙනවා.

යූරියා ඇතුළු හඳුනා ගත් ශාක පෝෂක දැනටමත් මෙරටට ගෙන්වීම සඳහා අවශ්‍ය ඇනවුම් සිදු කර අවසන් බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දෙනවා.

ඒ, ආනයන අපනයන බලතල ප්‍රකාරව බව යි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Rate this item
(1 Vote)