May 11, 2024

මේක ඔලමොට්ටල කැබිනට් මණ්ඩලයක් කියලා කිව්වේ විශේෂණ පදයකුත් එක්ක - ඩීව්ගෙන් පැහැදිලි කිරීමක්

November 18, 2021

නිදහසින් පසු රටේ බිහි වූ ඔලමොට්ටලම කැබිනට් මණ්ඩලය මේ කැබිනට් මණ්ඩලය බව ඩිව් ගුණසේකර මහතා මීට ටික දිනකට පෙර කොමියුනිස්ට් පක්ෂයේ සම්මන්ත්‍රණයක් අමතා ප්‍රකාශ කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් තමාට කැබිනට් මණ්ඩල ඇමතිවරයකුගෙන් ලැබුණු පණිවිඩයක් පිළිබඳවද ගුණසේකර මහතා හෙළිදරව් කරනවා.

ඔලමොට්ටල කතාවට ප්‍රතිචාර

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම්වරයා මෙන්ම හිටපු කැබිනට් මණ්ඩල අමාත්‍යවරයෙකුද වන ඔහු මේ බව සඳහන් කර සිටියේ එක්තරා යූටියුබ් චැනලයක් සමග පැවති සාකච්ඡාවකදී.

"ඔලමොට්ටල කැබිනට් මණ්ඩලය" කතාව කීමෙන් පසු තමාට දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පණිවිඩයක් එවා තිබූ බව ගුණසේකර මහතා සඳහන් කරනවා.

ඒ මේ කතාව ටිකක් සැර වැඩි නැද්ද යයි විමසමින් බව ඔහු අනාවරණය කරනවා.

විශේෂණ පදය

එහෙත් තමා ඔලමොට්ටල කැබිනට් මණ්ඩලය ලෙස හැඳින් වූයේ විශේෂණ පදයක්ද සහිතව බවයි ගුණසේකර මහතා අවධාරණය කරන්නේ.

තමා සඳහන් කළේ කැබිනට් මණ්ඩලයේ සිටින හතර පස් දෙනෙක් හැර අන් අය ඔලමොට්ටල ඇමතිවරුන් බවයි ගුණසේකර මහතා කියන්නේ.

තමා "ඔලමොට්ටල කැබිනට් මණ්ඩල" කතාව කිව්වේ නිකං ආවට ගියාට නොව 1977න් පසු මේ දක්වා සිටි කැබිනට් මණ්ඩල සමග සංසන්දනය කරමින් බවයි ගුණසේකර මහතා සිය ප්‍රකාශයට පදනම ලෙස පෙන්වා දෙන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 18 November 2021 14:04