May 17, 2024

කෝප් කමිටු තොරතුරු: සමාගම් ලොක්කාට සහ තරුණ සේවා ලොක්කාට කෝප් සභාපතිගෙන් පාඩම් දෙකක්

November 17, 2021

ඊයේ (16) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) හමුවට කැඳවූයේ ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන්.

එම රැස්වීම පැවැත්වුණේ කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්.

තරුණ සේවා සමාගම

එහිදී තරුණ සේවා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා අමාත්‍යාංශ ලේකම්වරයා දකිද්දී පැන යන කතාවක් එළිදරවු වුණා.

එපමණක් නොව තරුණ සේවා අමාත්‍යාංශ ලේකම්වරයා සහ තරුණ සේවා සභාවේ සභාපතිවරයා අතර ඇති මත ගැටුමක්ද එහිදී මතු වුණා.

මෙම රැස්වීම අතරතුර බොහෝ ප්‍රශ්න මතු වූයේ මෙම තරුණ සේවා සමාගම සම්බන්ධයෙන්.

ඒ තරුණ සේවා සභාවට ලැබෙන රාජ්‍ය ප්‍රතිපාදන පවා එම සමාගමට නිසි පටිපාටියකින් තොරව දැමීම හේතු කොටගෙන.

කළමණාකාර අධ්‍යක්ෂකට ලියුමක්

ලේකම්වරයාගේ කැඳවීම් වලට පවා අවනත නොවන්නේ මෙය සමාගමක් වන නිසා නොවන්නේදැයි එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයාගෙන් විමසීමක් කළ කෝප් සභාපතිවරයා ඔබ මේ ධූරයට පත්වු කොපමණ කල් දැයි ප්‍රශ්න කලා.

එහිදී කළමනාකාර අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ තමන් මේ තනතුරට පත්ව මාස 5ක් පමණ වන බවයි.

කළමණාකාර අධ්‍යක්ෂකවරයාට රාජ්‍ය සේවය පිළිබඳව අත්දැකීමක් නැති බව තමන්ට පෙනෙන බව සඳහන් කළ කෝප් කමිටු සභාපතිවරයා ඔහුට ලිපියක් ගසන ලෙස තරුණ සේවා කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්නා.

ඒ රාජ්‍ය ආයතනයක වැඩ කරන ආකාරය පිළිබඳ දැනුවත් කරමින්.

ලේකම් සභාපති ගැටුම

රාජ්‍ය සේවය තුළ තරුණ සේවා සභාවේ සභාපතිවරයා සිටින්නේ කොතැනදැයි කෝප් සභාපතිවරයා එහිදී චරිත හේරත් මහතා තරුණ සේවා සභාපතිවරයාට පාඩමක්ද කියා දුන්නා.

රාජ්‍ය සේවා ධූරාවලියට අනුව සභාපතිවරයා සිටින්නේ අමාත්‍යාංශ ලේකම්වරයාට යටින් ඔහු යටතේ බව එම පාඩමේ මූලික අන්තර්ගතය වුණා.

Rate this item
(4 votes)
Last modified on Wednesday, 17 November 2021 13:16