April 27, 2024

බැරිම තැන එජාපය පාරට බහී Featured

November 13, 2021

වැඩිවන ජීවන වියදම සහ බඩු මිල අඩු කරන්නැයි රජයට බලපෑම් කරමින් එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ උද්ඝෝෂණයක් කොළඹ ලිප්ටන් වටරවුමේ දී ඊයේ පස්වරුවේ පැවැත්වුණා.

විරෝධතා පාඨ කියමින් ලිප්ටන් වටරවුමට පැමිණි විරෝධතාකරුවෝ ගෑස් ටැංකි මෙන්ම පොල්, හාල් උර ආදිය ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය කළා.

විරෝධතා ජනරැලිය අමතමින් එක්සත් ජාතික පක්ෂ නායකයන් පැවසූයේ හාමතේ සිටි ජනතාවට අයවැය මගින් තවත් බඩේ පහරක් ගැසූ බවයි.

අනතුරුව එක්සත් ජාතික පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් විරෝධතා රැලියක් ද පැවැත්වුණු අතර එම අවස්ථාවට පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක, හිටපු අමාත්‍ය නවීන් දිසානායක, ජ්‍යෙෂ්ඨ උප සභාපති සාගල රත්නායක, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහත්වරුද පාක්ෂිකයෝ විශාල පිරිසක්ද සහභාගි වුණා.

May be an image of 10 people, people sitting and people standing

May be an image of one or more people, people standing, outdoors and crowd

May be an image of 1 person, sitting, standing, crowd and outdoors

May be an image of 1 person, standing and outdoors

May be an image of 6 people, people standing and outdoors

Rate this item
(0 votes)
Last modified on Saturday, 13 November 2021 10:45