April 28, 2024

ඉන්දීය රජයේ ප්‍රබලයෙකුගෙන් ඇමති බැසිල්ට දුරකථන ඇමතුමක්

November 11, 2021

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශීය කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් අතර දුරකථන සංවාදයක් පවත්වා තිබෙන බව රජයේ ආරංචි මාර්ග පවසනවා.

ඊයේ (10) දිනයේ දුරකථන මාර්ගයෙන් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සමග ඉතා හොඳ සංවාදයක් පැවැත්වු බවයි වාර්තා වන්නේ.

ඉදිරියේ දී ඉතා සමීපව කටයුතු කිරීමට එහිදි එකඟතාව පළ වූ බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් මහතා පවසා තිබෙනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 12 November 2021 11:30