April 27, 2024

මුතුරාජවෙල ගැසට්ටුව වෙනස් කරයි

November 10, 2021

මුතුරාජවෙල රක්ෂිතය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නව අති විශේෂ ගැසට් පත්‍රය මගින් හදුනාගෙන ඇති ජනතාව පදිංචිව සිටින ප්‍රදේශ එම ගැසට් පත්‍රයෙන් ඉවත් කර රක්ෂිතය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන් බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසුවා.

අදාළ ගැසට් පත්‍රය පිළිබදව පවතින ගැටලු විසදීම සදහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා යන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹදී සාකච්ජාවක්ද පැවැත්වුණ බවයි සඳහන් කරන්නේ.

මුතුරාජවෙල රක්ෂිතය සම්බන්ධව නිකුත් කර ඇති නව අති විශේෂ ගැසට් පත්‍රය හේතුවෙන් වත්තල, ජා ඇල, කටාන, මීගමුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ වල පදිංචිව සිටින ජනතාවට බාධාවක් නොවන පරිදි මුතුරාජවෙල රක්ෂිතය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. එම නිසා එම ප්‍රදේශවල ආගමික නායකයින් මෙන්ම ජනතාව අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නැතැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 November 2021 11:59

Related items