April 19, 2024

ලන්සා, සනත් ගැටුම දුරදිග යයි : "කට පරිස්සම් කරගන්න" - ඇමැති සනත් රතු එළි දල්වයි

February 24, 2022

නිමල් ලන්සා සහ සනත් නිශාන්ත යන රාජ්‍ය අමාත්‍යවරුන් අතර පසුගියදා ඇති වූ උණුසුම් වචන  හුවමාරුවක් සම්බන්ධයෙන් පසුගිය දිනවල වාර්තා වුණා.

ඒ අනුව ඊයේ නිමල් ලන්සා මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ තමන්ට එල්ල කරන ප්‍රහාර වල ප්‍රති ප්‍රහාර දරුණු විය හැකි බවයි.

තමන්ට චෝදනා එල්ල වූ ඔක්සිජන් සිද්ධිය නිර්මාණය කළේ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා බවට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා චෝදනා කරනවා.

ඔහු මෙම චෝදනාව එල්ල කළේ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) සිදුකළ විශේෂ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

"නිමල් ලන්සා ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී නොකියා කිව්වා ඔක්සිජන් එපයි කියපු ඇමතිවරයා කියලා. නිමල් ලන්සා ඇමතිතුමාට වැරදුණා. මේ සිද්ධියේදී ඔක්සිජන් කතාව තමුන්නාන්සේගේ ගමේ සිද්ධ වුනේ. ඔක්සිජන් එපා කිව්වේ මම නෙවෙයි තමුන්නාන්සේගේ ගෝල බාලයෝ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජන්දය ඉල්ලපු, ඉල්ලලා පැරදිච්ච තමුන්නාන්සේලාගේ ගමේ අපේක්ෂකයෙක්. තමුන්නාන්සේ මතක තියාගන්න පහුගිය මැතිවරණ වෙලාවේ හිතා මතා තමයි මේ ඔක්සිජන් කතාව තමුන්නාන්සේලා නිර්මාණය කළේ. අපේ දිස්ත්‍රික්කයේ කිහිපදෙනෙක් එකතු කරගෙන තමුන්නාන්සේගේ මිඩියා යුනිට් එකෙන් තමයි ඒක එළියට ගියේ. ඒ නිසා මගේ කට අවුස්සා ගන්න එපා. කරුණාකරලා කුණු ඇඳගන්න එපා. ඇද්දොත් බොහොම ගඳ ගහන්න සිද්ධ වෙයි. ඒ නිසා බොහොම ආදරෙන් මතක් කරන්නේ කට පරිස්සම් කරගෙන හිටියොත් හොඳයි."

Rate this item
(1 Vote)
Last modified on Thursday, 24 February 2022 15:46