May 17, 2024

ගොවි උද්ඝෝෂණ පිටුපස විපක්ෂයේ පක්ෂ ඉන්න කතාව බොරු: ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ගෙන් සහතිකයක්

November 08, 2021

ගොවි උද්ඝෝෂණ පිටුපස විපක්ෂයේ සිටින බවට ආණ්ඩුව කරන චෝදනාව බොරු බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක්ම සඳහන් කරනවා.

ඒ විමල් වීරවංශ අමාත්‍යවරයා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන නිමල් ජයතිස්ස මන්ත්‍රීවරයායි.

ආණ්ඩුවේ චෝදනා බොරු

නුවරඑළිය දිස්ත්‍රික් ගොවි සාකච්ඡාවකට සහභාගි වෙමින් ජයතිස්ස මන්ත්‍රීවරයා සඳහන් කළේ ගොවි උද්ඝෝෂණ පිටුපස ජනතා විමුක්ති පෙරමුණ , සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය සිටින බවට ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන් කරන චෝදනා බොරුවක් බවයි.

ජයතිස්ස මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ගොවීන් පොහොර ඉල්ලා පාරට බහින්නේ ස්වකැමැත්තෙන්ම බවත් මේ විදිහට ගියහොත් තමන් ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාරට බහින්න බැරි තත්ත්වයක් උදා වන බවයි.

පාරට බැහීම

ගමක තිබෙන උත්සවයකටත් යන්ඩ බැරි තත්ත්වයක් දැන් උද්ගතව තිබෙන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා ගොවීන්ට අවශ්‍ය පොහොර ටික ලබා දීමට මැදිහත් වන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

නිමල් ජයතිස්ස මහතා නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක්.

පොහොර ඉල්ලා කෙරෙන ගොවි උද්ඝෝෂණ පිටුපස ජනතා විමුක්ති පෙරමුණ හා සමගි ජන බලවේගය සිටින බවට ආණ්ඩුවේ ඇමතිවරුන් මෙන්ම මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේම චෝදනා කරනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 07 November 2021 23:40

Related items