May 04, 2024

රන්ජන් සාක්ෂිත් සමග කොමිසමට Featured

November 05, 2021

බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක මහතාව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත කැඳවීමට නියමිතව තිබෙනවා.

ඒ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා.

අයථා මුදල් ගනුදෙනු

බලවත් පුද්ගලයින්ගේ අයථා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් වන පැන්ඩොරා පත්‍රිකා වල නම් සඳහන් ශ්‍රී ලාංකිකයන් ගැන තමන් සතුවද තොරතුරු තිබෙන බව රන්ජන් රාමනායක මහතා එම කොමිසම වෙත ලිඛිතව දන්වා එවා තිබුණා.

ඒ සිය නීතිඥයාගේ මාර්ගයෙන්.

එම තොරතුරු තමාට එළිදරව් කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඒ හරහා රාමනායක මහතා ඉල්ලීමක් කර තිබුණා.

කොමිසමේ ප්‍රතිචාරය

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම රාමනායක මහතාව කැඳවීමට නියමිතව තිබෙන්නේ ඊට ප්‍රතිචාර ලෙසයි.

මේ වන විට පැන්ඩොරා පත්‍රිකා මගින් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ මහත්මිය සහ ඇගේ සැමියා වන තිරු නඩේෂන් මහතා ගැන මෙන්ම හිටපු ආර්ථික උපදේශක වරයෙකු වූ ආර්. පාස්කරලිංගම් මහතා පිළිබඳව තොරතුරු හෙළිදරව් කර තිබෙනවා.

රන්ජන් රාමනායක මහතා මේ මේ වනවිට සිටින්නේ අගුනුකොලපැලැස්ස බන්ධනාගාරයේ වසර 4 ක සිර දඬුවම් විඳිමින්.

Rate this item
(7 votes)
Last modified on Friday, 05 November 2021 15:11