සිය පක්‍ෂයට එල්ල කළ අභියෝග ශක්තියක් වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ පවසනවා.
"අපිට අභියෝග කරන දේශපාලන කණ්ඩායම් සිටිනවා. දේශපාලන වශයෙන් ඔවුන් අපිට අභියෝග කළත් ඔවුන් අභියෝග කරන්නේ රටේ ජනතාවට. ඒ අභියෝගවලට අපි මුහුණ දෙමු" යැයි හෙතෙම සඳහන් කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 5 වන සංවත්සර උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
එම සංවත්සර උත්සවය කොළඹ නොළුම් පොකුණ රඟහලේදී පෙරවරු 10.00 ට ආරම්භ වුණා.
පක්ෂය නිර්මාණය කළේ කිසිවෙකු පරාජය කිරීමට නොවන බවත් එකම පරමාර්ථය වූයේ ජනතාව දිනවීම බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.
පක්ෂ නායකයින්ගෙන් පක්ෂ සාමාජිකයින්ගෙන් පක්ෂයක් ලෙස ඉදිරියටත් ක්‍රෝධය වෛරය නැතිව සියලු දෙනා එක්ක සහයෝගයෙන් වැඩ කරලා රට වෙනුවෙන් සේවයක් සිදු කිරීමට සූදානම් විය යුතු බවත් බැසිල් රාජපක්ෂ මහතා පැවසුවා.
"අපිට මිතුරුකම් කළ සියලු දෙනාට ගෞරව කරනවා වගේම අපිට ප්‍රතිවාදීව අපේ පක්ෂයට යම් අභියෝගයක් එල්ල කළානම් එම අභීයෝග සියල්ල අපිට ශක්තියක්" යැයි ඔහු පෙන්වා දුන්නා.
එම වීඩියෝව පහතින්,