May 06, 2024

ආණ්ඩුව ඇතුලේ කුමන්ත්‍රණයක්! නාඩගම්කාරයන් දොට්ට දානවා - ආණ්ඩුවේ පසුපෙල සටනට

ආණ්ඩුව ඇතුලේ ඉදගෙන කැරලි ගහන නාඩගම්කාරයන්ට අකමැත්තෙන් වුණත් ඉදිරියේදී තීරණයක් ගන්න සිදුවනවා යැයි පර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

රටේ ආර්ථික තත්ත්වය පහළ දැමීම සඳහා වෙනත් කණ්ඩායමකගේ කුමන්ත්‍රණයක් ආණ්ඩුව ඇතුලේම ක්‍රියාත්මක වෙන බවයි ආණ්ඩු පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරයෙකු වන ප්‍රමිත බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ.

ආණ්ඩුවේ දේශපාලන පක්ෂවල බෙදීම් පිළිබඳව ජනතාව දැනුවත් කරමින් ආණ්ඩුව තුළ කැරලිකාර කණ්ඩායම් සිටින බවට ප්‍රකාශ කළ ද එම පිරිස් කැරලිකාර කණ්ඩායම් නොව නාඩගම් කාර්යයන් බව ද මන්ත්‍රීවරයා කියා සිටියා.

එම නාඩගම්කාරයන් මාස දෙකකට වරක් නාඩගමක් ඉදිරිපත් කරන බවත් ආණ්ඩුව ඇතුළේ සිට එවැනි නාඩගම් නැටීමට ඉදිරියට ලබාදීමට නොහැකි බවත් පෙන්වා මන්ත්‍රීවරයා තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තුළ කිසිසිදු ඉඩක් නොදෙන බවත් අවධාරණය කළා.

එක්ව සාකච්ඡා කොට රට ගොඩ නැංවීම සඳහා ඉදිරිපත් වන ලෙස එම අයට ආරාධනා කරන කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

දඹුුල්ල, ඉබ්බංකටුව ප්‍රදේශයේ ඉදිකරන ලද වස විස නැති බොජුන් හල විවෘත කිරීම් සහ ගොවි ජනතාවට අවැසි භාණ්ඩ බෙදා දීමේ උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 02 November 2021 11:30