May 18, 2024

සජිත් පිලේ කැරැල්ලක්! පක්ෂය විනාශ කරන කල්ලියක් වැඩ අල්ලලා

සමගි ජන බලවේගය තුළත් මේවන විට පසුපෙල මන්ත්‍රීවරු ඇතුළු කිහිප දෙනෙකු කැරැල්ලක් ආරම්භ කර තිබෙනවා.

එම පිරිස ප්‍රබල දේශපාලනඥයින් සමගත් මේවන විට සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාර්තා වනවා.

මේ පිළිබඳ අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසන්නේ එජාපය විනාශ කළ කල්ලියක් විසින් සමගි ජන බලවේගය විනාශ කිරීමට සූදානම් වන බවයි.

තමන් ඇතුළු කණ්ඩායම ඊට කිසිසේත් ඉඩ නොතබන බව මන්ත්‍රීවරයා සඳහන් කළා.

තමන්ට පක්ෂය සමඟ හෝ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ කිසිදු ගැටලුවක් නොමැති බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා සැමදා සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්ව සිටගන්නා බවත් සඳහන් කළා.

සාම්ප්‍රදායික විපක්ෂයක් නොවී අලුත් වැඩපිළිවෙළක් සමඟ ජනතාව ඉදිරියට යාම අත්‍යවශ්‍ය කාරණයක් නිසා මෙම සියලු සංවාද ප්‍රතිපත්ති සඳහා පමණක් බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

කෙසේ වෙතත් තමන් පක්ෂය කිසිදු දිනක හැරදා නොයන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.

සමගි ජන බලවේගය තුළ කිසිදු ආරවුලක් නොමැති බවත් මේ සියලු අදහස් පක්ෂය ශක්තිමත් කිරීම සඳහා බවත් එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරනවා.

එහෙත් පක්ෂ අහ්‍යන්තරයේ කතා කළ යුතු දෑ මාධ්‍ය ඉදිරියේ කතා කිරීම තමන් පිළිනොගන්නා බවද හෙතෙම සඳහන් කළා.

කෙසේ වෙතත් මෙම අදහස් ගෙන එන පුද්ගලයා දෙස නොව අදාළ අදහස් සම්බන්ධයෙන් අවධානය යොමුකර ඒවා පක්ෂ ජයග්‍රහණය සඳහා යොදාගත යුතු බව තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 31 October 2021 14:43