May 18, 2024

විපක්ෂයේ මන්ත්‍රීවරු 12ක් ආණ්ඩුවට - සජබයේ නායකයෙකුත් ආණ්ඩුව එක්ක සාකච්ඡා Featured

විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවේ කැරළිකාර පිල ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 12ක් ආණ්ඩුවට සහය දීමට ඉදිරිපත්වන බව ආණ්ඩු පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

මේ වනවිට ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ආණ්ඩුවට සහාය පල කරන අතර හේෂා විතානගේ හා චමින්ද විජේසිරි මන්ත්‍රීවරුන්ගේ නම්ද පසුගිය දිනවල ආණ්ඩුව හා එක්වනු ඇති බවට මාධ්‍ය වාර්තා වල පලවී තිබුණා.

තවත් මන්ත්‍රීවරුන් 9දෙනෙකු මෙසේ ආණ්ඩුවට සහාය පලකිරීමට එකගතාවය පල කර තිබෙනවා.

දැනටමත් සමගි ජන බලවේගය සමග කලකිරී සිටින සුළු ජාතීන් නියෝජනය කරන නායකයකු රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී ඇති අතර ආණ්ඩු පක්ෂ ප්‍රබලයකු සමග අද හෙටම සාකච්ඡාවක් පැවත්වීමටද නියමිත බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 31 October 2021 04:33