April 28, 2024

ගොට්ටෝ කල්ලියක් පක්ෂය කනවා: චමින්ද විජේසිරිගෙන් චෝදනාවක්

සමගි ජන බලවේගය තුළ ගොට්ටන්ගේ කණ්ඩායමක් සිටින බව චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා අනාවරණය කරනවා.

පක්ෂයේ නායකයාට ගොට්ට අල්ලමින් තමන්ගෙ වරප්‍රසාද ආරක්ෂා කරගන්න දඟලන පිරිසක් සමගි ජන බලවේගය තුළ සිටින බවද ඔහු පෙන්වා දෙන්නේ එය ඕනෑම දේශපාලන පක්ෂයකට පොදු බවද සඳහන් කරමින්.

නායකයා වැරදි පාරක

ජේෂ්ඨ වුණ පලියට වැඩක් නැති බව සඳහන් කරන මන්ත්‍රීවරයා එම පිරිස තමන්ගේ අරමුණු වෙනුවෙන් නායකයා වැරදි පාරක ගෙන යෑමට උත්සාහ කරන බවට චෝදනා කරනවා.

තමන් ඇතුළු පිරිසක් ඊට විරුද්ධ බවත් සමගි ජන බලවේගයටද එක්සත් ජාතික පක්ෂයට වුන දේ සිදු නොවිය යුතු බවයි ඔහු මතක් කර දෙන්නේ.

ආණ්ඩුවක් ගත් විට කළ යුතු යෝජනා මාලාවක් තමන් දෙපළ පක්ෂ නායකයා වෙත ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කරන මන්ත්‍රීවරයා ඒ ගන්නා බලය වසර පහකින් යළි අහිමි නොකරගෙන දිගුකාලීන පාලනයක් සඳහා පසුබිම සකසා ගැනීම පිණිස බව පෙන්වා දෙනවා.

යෝජනා මාලාව නායකයාට

එම යෝජනා සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉතා පැහැදිලි අවබෝධයක සිටින බවත් එම යෝජනා ක්‍රියාත්මක කරන බවට ඔහු තම පාර්ශවයට පොරොන්දු වූ බවයි මන්ත්‍රීවරයා අනාවරණය කරන්නේ.

එසේ නැතිව තමන් දෙපලට බංකොලොත් ආණ්ඩුවකට යෑමේ අවශ්‍යතාවයක් නැති බවත් එම කතාව ආණ්ඩුව විසින් ගොතන ලද බොරුවක් බවත් මන්ත්‍රීවරයා අනාවරණය කරනවා.

චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ තමන් හා හේශා විතානගේ මන්ත්‍රීවරයා පක්ෂයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට ගත් තීන්දුව සම්බන්ධයෙන් කරුණු දක්වමින්.

Rate this item
(0 votes)
Last modified on Saturday, 30 October 2021 12:48

Related items