May 03, 2024

ලෝකයේ ප්‍රබලම පක්ෂ අතරට එක් වු මෙරට පක්ෂය

වසර 5ක් තුළ පොදුජන පෙරමුණ ලෝකයේ ප්‍රභලතම පක්ෂ අතරට පැමිණීමට හැකියාව ලැබුණු බව ශ්‍රී ලංකා තරුණ පෙරමුණේ බුද්ධික වික්‍රමාදර මහතා පවසනවා.

ඒ මහතා මෙම අදහස් පළ කලේ පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී ඒ මහතා මෙසේ පැවසුවා.

"පොදුජන පෙරමුණේ ප්‍රධාන අරමුණ වෙනස්ව සිතන්න බිය නොවන්න කියන එක. අපි වෙනස්ව සිතපු කණ්ඩායමක් විදියට ඉදිරියට ආපු පක්ෂයක්. අවුරුදු 5ක් තුළ පොදුජන පෙරමුණ ලෝකයේ ප්‍රභලතම පක්ෂ අතරට එන්න හැකියාව ලැබුණා. ලංකාවේ ප්‍රභලම පක්ෂය බව අපි හැමෝම දන්නවා. මෙහෙම සංවිධානගත පක්ෂයක් ලෝකේ කොහෙවත් මේ තරම් කෙටි කලකින් නිර්මාණය කරලා නැහැ. එහි ගෞරවය පක්ෂයේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමාට හිමි වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ වගේ මහාචාර්යවරු ගණනාවක් ලොකු කුඩා බොහෝ දෙනෙක් මේකට එකතු වෙච්ච ආකාරය මට මතකයි මේ වසර 5 ම මේ පක්ෂයත් එක්ක කටයුතු කළ කෙනෙක් විදියට. ඒ කාලයේ කතාවක් තිබුණා සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය එකතු කරන්න ඕනේ කියලා. හැබැයි අපේ බැසිල් රාජපක්ෂ මැතිතුමා කිව්වේ පංච මහා බලවේගය විතරක් නෙවෙයි ඒකට සිව් සැට කලාවන් එකතු කරන්නේ කොහොමද? ජාති, ආගම්, කුල, ජන වර්ග කොහොමද එකතු කරන්නේ? මේ සියල්ල එකම ශ්‍රී ලාංකික ජාතියක් බවට පත් කරන්නේ කොහොමද කියන එක මත තමයි මෙහි පදනම හැදුවේ. ඒ පදනම මත තමයි මේ පක්ෂය ඉතාමත් ශක්තිමත් පක්ෂයක් බවට පරිවර්තනය වුණේ."

Rate this item
(0 votes)
Last modified on Friday, 29 October 2021 22:29