May 10, 2024

"ආණ්ඩුවට හිතුන හිතුන විදියට නටන්න බෑ ඒ නිසා" - බුද්ධික වික්‍රමාදර කියයි

ඇෆ්ලටොක්සින් පිළිකාකාරකය පොල්තෙල් පමණක් නොව තව බොහෝ ආහාරවල තිබෙන බවත් නමුත් යහපාලන ආණ්ඩුව කාලයේ අදාල සමාගම්වලට විරුද්ධව වැඩ කටයුතු කිරීමට කාටවත් හැකියාවක් නොතිබූ බවත් ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ බුද්ධික වික්‍රමාදර මහතා පවසයි. 

මේ ආකාරයේ තත්වයක් තිබෙන බව දැනගත්තද ඒ කාලයේ කිසිදු රාජ්‍ය ආයතනයක් එවැනි දේ නීතියට හසු කර ගැනීමට කටයුතු නොකල බවත් අඩුව තරමේ ප්‍රතිඅපනයනය කරන්නේ මොනවාද යන්න ජනතාව නොදැන සිටි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ඔහු මේ බව පැවසූවේ පසුගිය 10 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදීය.

මේ ආණ්ඩුව එලෙස මෙරටට ප්‍රමිතියෙන් තොර දේවල් ගෙන්වූ අයට දඩුවම් දීමට කටයුතු කර ඇති බවත් එවැනි දේ යළි ඇති නොවීමට වැඩ පිළිවෙලක් සකස් කර ඇති බවත් බුද්ධික වික්‍රමාදර මහතා සඳහන් කළේය.

හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය. 

"පහුගිය දවස්වල දිගින් දිගට ම කතා කළේ වස පොල්තෙල් පිළිබඳව. ඇල්ෆොටොක්සින් පිළිකාකාරකය පොල්තෙල්වල විතරක් නෙමෙයි තවත් බොහෝ ආහාරවල තියෙනවා. පහුගිය යහපාලන කාලයේ දී කාටවත් හැකියාව ලැබුණේ නැහැ ඒ මාෆියාවලට විරුද්ධ ව වැඩ කරන්න. අඩුම ගානේ මෙහෙම දේවල් තියෙනව කියල දැන දැනත් කිසි ම ආයතනයක් කටයුතු කළේ නැහැ ඒව අල්ලන්න. අපි පරිභෝජනය කරන දේවල් ගැන අපි දැනගෙන හිටියෙත් නැහැ. නමුත් අදවනවිට මේ ආණ්ඩුව අදවනවිට වැරදි කරුවන්ට දඬුවම් දෙන්න විතරක් නොවෙයි නැවත එහෙම දේවල් නොවෙන්න ජනතාවගේ පැත්තේ හිටගෙන කටයුතු කරනවා. යහපාලන ආණ්ඩුව ජනතාව ගැන හිතන්නේ නැතිකොට අපි දිගින් දිගට ම ප්‍රකාශ කළා අපිට දෙන්න හොඳ නායකයෙක්, හොඳ ආණ්ඩුවක් කියලා. මේ රටේ ජනතාව 2/3ක බලයක් ලබා දීල 69 ලක්ෂයක ඡන්දයෙන් පත්වුණු ජනපතිවරයෙක් දීල තියෙනවා. ආණ්ඩුවට හිතුන හිතුන විදියට නටන්න බෑ ඒ නිසා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කිසිම දවසක නිලධාරින්ට ඕන ඕන විදියට කටයුතු කරන්නවත් දේශපාලනයට ඒ අය මාරු කරන්නවත් කටයුතු කළේ නැහැ. එවකට රජයේ ඉහළ තනතුරුවල හිටපු නිලධාරීන්මයි තවමත් බොහෝ ආයතනවල සිටින්නේ. ජනාධිපතිතුමත් මේ රජයත් යා යුතු මාර්ගය දන්නවා. වැරදි කරුවන්ට නිසි දඬුවම් ලබා දෙන්න විපක්ෂය ආණ්ඩු කරන කාලේ වගේ පසුබට වෙන්නේ නැහැ."

Rate this item
(0 votes)
Last modified on Monday, 12 April 2021 16:57