May 03, 2024

පොහොට්ටු මන්ත්‍රී ඉදුනිල් චීත්තයකින් සැරසී මහ පාරේ (VIDEO)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු චීත්තයකින් සැරසී උද්ඝෝෂණයකට සහභාගී වී තිබුණා.

කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ඉදි කිරීමට තිබූ මහාචාර්ය ඒකකය කුරුණෑගල රෝහලේ ඉදි කිරීම සම්බන්ධයෙන් අද (10) දිනයේ දී කුලියාපිටිය ප්‍රදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා.

ඒ අවස්ථාවට පැමිණි එක් මන්ත්‍රීවරයෙකු විසින් චීත්තයකින් සැරසී සිටින ආකාරය දැකගන්නට හැකි වුණා.

මෙලෙස චීත්තයෙන් සැරසී සිටියේ ඉඳුනිල් කුමාරතුංග මන්ත්‍රීවරයායි. 

චීත්තයෙන් සැරසී සිටි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ “අපි කතා කරපු විදියට පිරිමි ඇඳුම් ඇඳන් එන්න බැරි තත්ත්වයකට පත්වුණා. ඒ නිසා කාන්තා ඇඳුමකින් සැරසී එන්න කල්පනා කළා. අද කාන්තා ඇඳුම ඇඳගෙන ඇවිල්ලා හෙට අමුඩේ ගහගෙන ඇවිල්ලා එහෙමත් බැරි වුණොත් ජීවිත පරිත්‍යාගයෙන් හරි මේක රැක ගන්න කටයුතු කරනවා.”

මන්ත්‍රීවරයා විසින් චීත්තයක් ඇඳගෙන විරෝධතාවය පළ කරන අවස්ථාවේ වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)