May 18, 2024

අශුචි කාබනික පොහොර ගෙන්වීමේ නියෝජිතයා ගැන හෙළිවෙයි - ලේඛන හදන්න තැරැව්කරුවන් කුලියටත් අරගෙන

ඉන්දියන් දියර පොහොර ගෙන්වීමට අනුමැතිය දුන් කැබිනට් පත්‍රිකාව ‘බොරු ගොඩක්‘ බවත් ලංකා රු. 1302.18 ක් වන නිෂ්පාදනය රු. 5230 ක ට මිලදී ගත්තේ කොමිස් මගඩියකට බවත් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පවසනවා.

අශුචි කාබනික පොහොර ගෙන්වීමේ නියෝජිතයා ලෙස කටයුතු කළ වත්මන් කෘෂිකර්ම ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ සිය ජාවාරමට අවශ්‍ය ලේඛන සකස් කිරීම සඳහා තැරැව්කරුවන් කුලියට ගෙන ඇති බවද මන්ත්‍රීවරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එම නිවේදනය පහතින්,

පුවත්පත් නිවේදනය

යූරියා සහ නයිට්‍රජන් පොහොර ඒකාධිකාරය කඩිමුඩියේ පිහිටුවා ගත් සමාගමක තනි අයිතියට ලබාදීම සඳහා සකස් කළ කැබිනට් පත්‍රිකාව බොරුව අසත්‍යය පිරුණු මුදල් මඟඩියකට සැකසූ උගුලකිග කෘෂිකර්ම කේෂ්ත්‍රයේ රැකවලුන් ලෙස පෙනී සිටින ඊනියා බුද්ධිමතුන් ලංකාවේ කෘෂිකර්මාන්තය වලපල්ලට යවමින් පුද්ගලයින් කිහිප දෙනෙකුට ධන උත්පාදනය සඳහා තම වෘත්තීය දැනුමත් ගණිකා වෘත්තීයේ යෙදවීම කණගාටුවකි.

නැනෝ තාක්ෂණය පිළිබඳ එකම විශේඥයෙකු හෝ නොමැති තාක්ෂණික කමිටුවක් මගින් ඉන්දියාවේ රු. 484 ක් වන (ලංකා රුපියල් 1302.18-) ක් වන නැනෝ නයිට්‍රජන්ල ලංකාවේ මුදලින් රු. 5230 කට මිලදී ගෙන ඇත.

කැබිනට් පත්‍රිකාවට අනුව ද ආනයනය කර ඇති නිෂ්පාදන විස්තරයට අනුව ද මෙම නිෂ්පාදනයට ‘කාබනික සහතිකය‘ නැත. කාබනික කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා යැයි දැවැන්ත ප්‍රචාරයක් ගෙන යමින් ආනයනය කරනු ලැබ ඇත්තේ අවම වශයෙන් කාබනික සහතිකය හෝ නොමැති නිෂ්පාදනයක් ය.

ඩොලර් නැතිකම වසා ගැනීමට කාබනික පොහොර මිත්‍යාවේ ගිලෙන විටම මහ කන්නයට අවශ්‍ය පොහොර - බෙහෙත් සපයා ගැනීම ප්‍රශ්නයක් වන බව බුද්ධියත් ඇති ඕනෑම අයෙකුට වැටහී යා යුතුව තිබුණිග ඒ පිළිබඳ විශේඥයින් අදහස් දක්වා තිබුණි.

කෘෂිකර්ම අමාත්‍යාංශය අද විට දැවැන්ත මුල්‍ය හා ශ්‍රාස්ත්‍රීය වංචා සිදු කරන හොර ගුහාවක් බවට පත්ව ඇත. චීන අශුචි ගෙන්වීමට අවශ්‍ය පරිසරය ගොඩනැගීමෙන් පසුව සියළු රාජ්‍ය තාන්ත්‍රික සම්ප්‍රදායන් හා රීති බිඳදමමින් චීනයේ දෙපතුල ලෙවකන රටක් බවට පත් කර ඇත. චීන අශුචි පොහොර කෙසේ හෝ ලංකාවට ගොඩබෑම දුෂිතයින්ගේ අරමුණයි.

මහාචාර්ය බුද්ධි මාරඹේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවෙන් ඉවත් කිරීම සැබෑ බුද්ධිමතුන් කෘෂිකර්ම කේෂ්ත්‍රයේ ප්‍රතිපත්ති තීරණ ගැනීමේ ක්‍රියාවලියෙන් ඉවත් කිරීමකි. ඒ වෙනුවෙන් අශුචි කාබනික පොහොර ගෙන්වීමේ නියෝජිතයා ලෙස කටයුතු කළ වත්මන් කෘෂිකර්ම ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ සිය ජාවාරමට අවශ්‍ය ලේඛන සකස් කිරීම සඳහා තැරැව්කරුවන් කුලියට ගෙන ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යවරුන් සහ එහි ලේකම්වරුන් රටේ ලක්ෂ 24 ක් වන ගොවි ජනතාව දල ආහාර සුරක්ෂිතතාවය දල රටේ ආර්ථිකය ද මකර කටට යවමින් සිදු කරන නාඩගම නැවැත්විය හැක්කේ කෘෂිකර්ම කේෂ්ත්‍ර යේ ප්‍රවීණයන්ල වෘත්තිකයින් මෙයට සම්බන්ධ තාක්ෂණික කරුණු සම්බන්ධයෙන්වන සංවාදයට එක්වීමෙන් පමනී. උද්දච්ච, පණ්ඩිත සොර මුලක් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය මකොල්ලකෑම වැලැක්වීමට එක්වන ලෙස කෘෂිකර්ම විශේඥයින්, වෘත්තිකයින්, ගොවිතැනට සම්බන්ධ සියලු සියළු පාර්ශවයන්ගෙන් මම අයැද සිටිමි.

රෝහිණී කවිරත්න

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී

Rate this item
(0 votes)
Last modified on Wednesday, 27 October 2021 02:24

Related items