May 18, 2024

පොහොර අර්බුදය විවේචනය කළ මහාචාර්යවරයාව තනතුරුවලින් පන්නා දමයි

පේරාදේණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි මාරම්ඹේ මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු කටයුතු කළ සියලු තනතුරුවලින් නෙරපා දමා තිබෙනවා.

මහාචාර්ය බුද්ධි මාරම්ඹේ මහතාව එම තනතුරුවලින් ඉවත් කිරීමට පෙර ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සභාවේ සහ කෘෂි නව්‍යකරණ ව්‍යාපෘති කමිටුවේ මෙන්ම, ව්‍යාපාර කෘෂි සහභාගීත්ව වැඩසටහනේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළා.

මහාචාර්යවරයාගේ ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසා සිටියේ රසායනික පොහොර ආනයනය කරන පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙකු ලෙස මහාචාර්වරයා කටයුතු කර ඇති බවයි.

පසුගිය රජය සමයේ ග්ලයිෆොසෙට් ආනයනය තහනම් කිරීමට කටයුතු කිරීමේදීද ඊට එරෙහිව වැඩ කළ බවට මහාචාර්ය බුද්ධි මාරම්ඹේ හට චෝදනා එල්ල වී ඇති බවද අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

වත්මන් රජය විසින් පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය දිරිමත් කිරීමට කටයුතු කිරීමේදී මහාචාර්යවරයා විසින් ඊට එරෙහිව විශ්ව විද්‍යාල ප්‍රජාව, ප්‍රජා සංවිධාන සහ ජනතාව පෙළ ගස්වන ආකාරයේ ප්‍රකාශයන් සිදුකරන බවටද අමාත්‍යංශ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 October 2021 15:00