April 28, 2024

අලුත් පිම්මකට සුදානමක්? සජිත්ගේ ප්‍රබලයින් දෙදෙනා තනතුරු අත්හරී

සමගි ජන බලවේගයේ ප්‍රබලයින් දෙදෙනෙකු තමන්ට ලබාදී තිබූ සංවිධායක ධූරයන් අත්හැරීමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස ධූරයන් අත්හැර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන මහත්වරුන්ය.

හේෂා විතානගේ මහතා සමගි ජන බලවේගයේ රක්වාන ආසනයේ සංවිධායක ධූරයෙන් ඉවත් වී ඇති අතර චමින්ද විජේසිරි මහතා ඔහුට පක්ෂයෙන් ලබාදී තිබුණු වගකීම් අත්හැර තිබෙනවා.

ඔවුන් විසින් සිය ධූරයන් අත්හැරීම පිළිබඳව ලිපියක් පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

නමුත් පක්ෂ ලේකම්වරයා විසින් මාධ්‍ය වෙත පවසා තිබුණේ තමන්ට එවැනි කිසිම දැනුම් දීමක් ලැබී නොමැති බවයි.

පසුගිය කාලයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සමගි ජන බලවේගයෙන් ඉවත් වීමට සුදානම් වන බවටද රාවයක් පැතිරී තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 October 2021 13:36

Related items