April 28, 2024

තිරු නඩේෂන් කෙනෙක් මට කතා කළා: ඒක වරප්‍රසාද ප්‍රශ්නයක් - චමින්ද විජේසිරි

තමාට තිරු නඩේෂන් නමින් කෙනෙකු කතා කළ බව චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා අද (21) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින්.

එම දුරකථන ඇමතුම පැමිණි අංකය , දිනය හා වේලාව සඳහන් කළ මන්ත්‍රීවරයා එහිදී තිරු නඩේෂන් නමින් කතා කළ පුද්ගලයා තමාට සිනාසෙමින් පැවසූ කරුණු පිළිබඳව තොරතුරු හෙළිදරව් කළා.

දුරකථන ඇමතුම

ඔහු පැන්ඩෝරා තොරතුරු තමා හෙළිදරව් කිරීම පිළිබඳව සිනාසෙමින් අගය කළ බවත් එම කතාව තුල තමාට අනතුරු ඇඟවීමක් අනියම් ආකාරයෙන් කළ බවයි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.

ඒ නිසා ඒ පිලිබඳව තමා පොලිසියට ද දැනුම් දුන් නමුත් මේ වන තුරුත් පොලිසියෙන් ඒ පිළිබඳව කිසිදු ප්‍රතිචාරයක් තමන් වෙත නොදැක්වූ බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

අගමැති ලේකම්ගේ මැදිහත්වීම

එහෙත් අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් උදිත ලොකුබණ්ඩාර මහතා "තිරු නඩේශන් ඔබට කතා කළා දැයි" තමාගෙන් විමසූ බව මන්ත්‍රීවරයා සඳහන් කළේ පොලිසියෙන් ඒ පිළිබඳ සොයා නොබැලුවත් අග්‍රාමාත්‍යය සම්බන්ධීකරණ ලේකම්වරයා ඒ ගැන සොයා බැලූ බව මතක් කරමින්.

එහිදී තමාට නඩේෂන් නමින් ලැබුණු දුරකථන ඇමැතුම සම්බන්ධයෙන් ලොකු බණ්ඩාර මහතා දැනුවත් කළ බවත් එහිදී ඒ කතා කළේ තිරු නඩේෂන් බවට ලොකු බණ්ඩාර මහතා තහවුරු කළ බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 21 October 2021 12:21

Related items