May 04, 2024

රන්ජන්ගේ හඬපට සිදුවීමට මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියට ලැබුණු තීන්දුව

සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මකව දුරකථන හඬපට සිද්ධියෙන් පසුව මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට මීට පෙර නියෝගයක් නිකුත් කර තිබුණා.

මෙම නියෝගය වළකාලීම සඳහා අභියාචනා අධිකරණයේ රීට් පෙත්සමක් ගොනු කර තිබූ අතර අද (25) දිනයේ දී ඊට අදාළ තීන්දුව අභියචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ආරම්භ කෙරුණු නඩු කටයුත්ත අහෝසි කරමින් අභියාචනාධිකරණ විසින් රීට් ආඥාවක් නිකුත් කරනු ලැබුවා.

එමෙන්ම ගිහාන් පිලපිටිය මහතා අදාළ නඩුවේ සැකකරුවකු වශයෙන් නම් කිරීමට ගත් නීතිපතිවරයාගේ තීරණය ද අහෝසි කරමින් තවත් රිට් ආඥාවක් අධිකරණය විසින් නිකුත් කිරීමටද කටයුතු කර තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 25 October 2021 17:21