May 13, 2024

ඇමති ගම්මන්පිල තෙල් මිල වැඩි නොකරන හේතුව හෙළිවෙයි

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් තෙල් මිල වැඩි නොකිරීමට හේතුව හෙළි කර තිබෙනවා.

ඒ ඊයේ (24) රාත්‍රීයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුවයි.

තෙල් මිල වැඩි වීම පිළිබඳව අමාත්‍යවරයාගෙන් එහිදී මාධ්‍යවේදීන් විමසා සිටි අතර එහිදී අමාත්‍යවරයා කියා සිටියේ "එකම ප්‍රශ්නෙනේ හැමදාම අහන්නේ. අපට දෙන්න තියෙන්නේ උත්තරේ තෙල් හිඟයක් නැත. නුදුරු දිනක තෙල් මිල වැඩිකිරීමේ බලාපොරොත්තුවක්ද නැත." ලෙසිනි.

එහිදී අමාත්‍යවරයා විසින් අලුත් අරමුණක් පිළිබඳවද පවසා සිටියා.

එම අරමුණ වන්නේ ලෝකයේ තෙල් මිල වැඩි නොකළ රටවල් කිහිපයෙන් එකක් බවට පත්කර ගැනීම බවයි.

තෙල් මිල වැඩි නොකිරීමට හේතුවද අමාත්‍යවරයා විසින් මාධ්‍යවේදීන් ඉදිරියේ පවසා සිටියේ "මුළු ලෝකයේම තෙල් මිල වැඩිකරලා තියෙද් දී ලංකාවේ විතරක් අල්ලගෙන ඉන්නේ ජනතාව විඳින දුක අපිත් තේරෙන හින්දා.‍" ලෙසිනි.

Rate this item
(0 votes)
Last modified on Monday, 25 October 2021 14:20