May 04, 2024

පාර්ලිමේන්තු සභා ගැබේ සිටි මන්ත්‍රීට කොවිඩ්! මන්ත්‍රී පොකුරක් අතලඟ

පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් මන්ත්‍රීවරයෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වනවා.

ඒ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතාටයි.  

තමාට හදිසියේ උණ ගැනීම නිසා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට යොමුවූ අවස්ථාවේදී කොවිඩ්  ආසාදනයවී ඇතැයි තහවුරු වූ බවයි සෙල්වරාසා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

තමා නිවෙසේ නිරෝධායනය වෙමින් සිටින බවද ඔහු පැවසුවා.

සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවලට යොමු වන්නයි මන්ත්‍රීවරයා තමා සමග පසුගිය දිනවල සමීප වූ සියලු දෙනාගෙන් ඉල්ලීමක්ද සිදු කරනවා.

ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සභා ගැබටද පසුගිය 22 වනදා පැමිණ ඇතැයි තොරතුරු හෙළි වී තිබෙනවා.

එනිසා ඔහු පාර්ලිමේන්තුවේ ආ ගිය තැන් සහ ඔහු සමඟ එහිදී සමීපවූ මන්ත්‍රීවරුන් සහ පුද්ගලයන් පිළිබඳව සොයා බැලීමට පරීක්ෂණ පවත්වන බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පැවසූවේ.

ඒ පිළිබඳව තොරතුරු හෙළිකර ගැනීමට පාර්ලිමේන්තුවේදී සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කිරිම ආරම්භ කර තිබෙනවා.

Rate this item
(0 votes)