May 01, 2024

පොහොර වැඩේ දුර දිග යයි: මහින්දානන්දට එරෙහිවත් විශ්වාසභංගයක් - තිස්ස කියයි

මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගය සඳහන් කරනවා.

එම පක්ෂය වෙනුවෙන් ඒ බැව් ඒෂියන් මිරර් වෙත සඳහන් කළේ එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මන්ත්‍රීවරයායි.

පොහොර අර්බූදයක් මැවීම

නොතිබුණු පොහොර අර්බුදයක් ඇති කර ගොවි ජනතාව දැඩි අසීරුතාවයකට පත් කිරීමේ වගකීම මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා වෙත පැවරෙන බවයි ඔහු අනාවරණය කරන්නේ.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී මුණ ගැසීමට නියමිත සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කොට තීන්දුවක් ගන්නා බව ඔහු සඳහන් කරනවා.

එහිදී අලූත්ගමගේ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කළහොත් එය වත්මන් ආණ්ඩුවේ ඇමතිවරයෙකුට එරෙහිව ගෙන එන දෙවැනි විශ්වාසභංග යෝජනාව වනවා.

පළමු විශ්වාසභංගය

මීට පෙර සමගි ජන බලවේගය ඛනිජ තෙල් මිල වැඩි කළ අවස්ථාවේ විෂය භාර උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහි ව ද විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවා.

එම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජය වුණා.

එම විශ්වාසභංග යෝජනාවට විරුද්ධව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ගම්මන්පිල අමාත්‍යවරයාට හිමි වුණා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 21 October 2021 03:10

Related items