May 04, 2024

හිරගෙදර සිට රන්ජන් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

බන්ධනාගාර ගතව ගතව සිර දඬුවම් විඳින රන්ජන් රාමනායක මහතා මෙරට ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ හැකිතාත් තමන්ට ලිපි එවන ලෙසටයි.

ලිපි සියල්ලම කියවීම

එසේ එවන ලිපි සියල්ලම තමන් කියවන බවයි රාමනායක මහතා සඳහන් කරන්නේ.

එමෙන්ම හැකි හැම විටම සමාජ මාධ්‍ය තුළ තමන් ගැන සටහනක් තබන ලෙස සමාජ මාධ්‍ය භාවිතා කරන ජනතාවගෙන් රාමනායක මහතා ඉල්ලීමක් කරනවා.

රාමනායක මහතා ජනතාව වෙත එවන් ඉල්ලීමක් කළ බව සඳහන් කරන්නේ රාමනායක මහතාගේ සුව දුක් බැලීමට අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට ගිය වැලිගම හිටපු නගරාධිපති රොහාන් ජයවික්‍රම මහතායි.

ආණ්ඩු විරෝධී සටන

එමෙන්ම රාමනායක මහතා තවත් ඉල්ලීමක් සමගි ජන බලවේග නායකත්වයෙන් කළ බවද නගරාධිපතිවරයා සදහන් කරනවා.

ඒ ආණ්ඩුවට එරෙහිව ගෙන යන සටන කිසිවිටෙකත් නොනවත්වන ලෙසටයි.

තමා කිසි විටෙකත් දූෂිත ආණ්ඩුව ඉදිරියේ හිස නොනමන බවද රාමනායක මහතා සඳහන් කළ බව නගරාධිපතිවරයා පෙන්වා දෙනවා.

රාමනායක මහතා ඉතා හොඳ ශරීර සෞඛ්‍යයකින් සිටින බවත් සදහන් කරන හිටපු නගරාධිපතිවරයා එළඹෙන සතියේ සිට රටේ තිබෙන සෑම විදේශ තානාපති කාර්යාලයකටම ගොස් රන්ජන් රාමනායක මහතාට සිදුව තිබෙන බරපතළ අසාධාරණය ගැන දැනුවත් කිරීමට තමන් බලාපොරොත්තු වන බවද අනාවරණය කරනවා.

අධිකරණයට අපහාස කිරීමේ හේතුවෙන් රාමනායක මහතා මේ වන විට අගුනුකොලපැලැස්ස බන්ධනාගාරයේ 4 ක සිර දඬුවමක් විඳිමින් සිටිනවා.

Rate this item
(11 votes)
Last modified on Sunday, 17 October 2021 08:19