May 04, 2024

කිරිපිටි මිල වැඩිවීමත් එක්ක කිරි ගොවීන්ට දැනුම්දීමක්!

දියර කිරි ලීටරයක් සඳහා නොවැම්බර් පළමු වනදා සිට කිරි ගොවින්ට ගෙවන මුදල ඉහළ දැමීමට මිල්කෝ ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දියර කිරි ලීටරයක් සඳහා වැඩිපුර රුපියල් 07ක් කිරි ගොවින්ට ලබා දීමට කටයුතු කරන බවයි එම ආයතනයේ සභාපතිවරයා පවසන්නේ.

කිරි ගොවීන්ගේ වියදම් පසුගිය කාලය පුරා ඉහළ යාම නිසා කිරි ලීටරයකට ගෙවන මුදල වැඩි කරන ලෙස ඉල්ලීම් කර තිබූ බවත් ඒ හේතුවෙන් කිරි මිලදී ගැනීමේ මිල ඉහල දැමීමට තීරණය කළ බවත් එම සමාගම සඳහන් කරනවා.

දියර කිරි ලීටරයක් මිලදී ගන්නා මිල ඉහළ දැමීමත් සමග කිරි සැපයුම තවදුරටත් වැඩි වනු ඇතැයි බලාපොරොත්තු වන බවයි එම සමාගම පෙන්වා දෙන්නේ.

Rate this item
(0 votes)