May 19, 2024

"වැඩ නැත්නම් මුදල් නෑ" - අයවැය ගැන ඇමැති බැසිල් කියයි

මෙවර අයවැයෙන් සම්පූර්ණ වර්ෂයටම මුදල් වෙන් නොකරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ඊයේ මුදල් අමාත්‍යංශයේ පැවති රැස්විමකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

කාර්තුවෙන් කාර්තුවට ව්‍යාපෘතිවල ප්‍රගතිය නිරීක්ෂණය කර මුදල් වෙන් කර දීමට තීරණය කර ඇති බවයි මුදල් අමාත්‍යවරයා අවධාරණය කළේ.

එමෙන්ම මුල් කාර්තුවේදි සාර්ථකත්වයක් පෙන්නුම් නොකරන ව්‍යාපෘති සඳහා නැවත මුදල් ලබා නොදීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා කියා සිටියා.

රට තුළ කිසිදු ආහාර හිඟයකට ඉඩ නොතබන බව ද මුදල් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර ඇති බව සඳහන්.

Rate this item
(0 votes)
Last modified on Friday, 15 October 2021 15:27