May 18, 2024

පොලිස් ඇමති ෆුල් කික් එකේ: ස්ථානාධිපති ධූර වලට පොලිස් නිලධාරිවරියන් දාන්නත් ලෑස්තියි

ඉතා නුදුරේම පොලිස් ස්ථානාධිපති ධූර සඳහා තමා පොලිස් නිලධාරීවරියන් පත්කරන බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කරනවා.

විෂයභාර සරත් වීරසේකර අමාත්‍යවරයා මේ බැව් සඳහන් කළේ නියෝජ්‍ය පොලිස්පතිවරියන් තිදෙනෙකු අලුතින් පත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමක් අතරතුරයි.

කාන්තාවන් අමන්දානන්දයට

අලුතින් නියෝජ්‍ය පොලිස්පතිවරයන් තිදෙනෙකු පත් කිරීමත් සමඟ නියෝජ්‍ය පොලිස්පති වරියන්ගේ සංඛ්‍යාව 4 දක්වා ඉහළ ගිය බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙම නව පත්කිරීම් සමග රටේ කාන්තාවන් අමන්දානන්දයට පත්ව සිටින බවත් අමාත්‍යවරයා සදහන් කරනවා.

මේ පත්වීම් සමගම කාන්තාවන්ටද පොලිසිය තුළ සම අයිතිය ලැබී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

සම අයිතිය තව දුරටත්

ඉදිරියේදී පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස කාන්තා පොලිස් නිලධාරිනියන් පත් කරන්නේ එම සම අයිතිය තවදුරටත් තහවුරු කිරීම සඳහා බව අමාත්‍යවරයා අවධාරණය කරනවා.

එසේ පත් කිරීමෙන් පොලිස් නිලධාරීවරියන්ගේ කාර්යක්ෂමතාවය පිලිබඳ මැනීමක් කර ගැනීමට හැකි බවයි අමාත්‍යවරයාගේ අදහස වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 11 October 2021 11:10