May 10, 2024

ඩයනා මන්ත්‍රීකමින් දොට්ට: ලිපියත් සූදානම්

සමගි ජන බලවේගයෙන් ඉවත් කළ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් ගත යුතු මීළඟ පියවර ඉතා කඩිනමින් ගැනීමට සමගි ජන බලවේග නායකත්වය තීරණය කර තිබෙන බව එම පක්ෂ ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

ඒ ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ මන්ත්‍රී ධූරය අහෝසි වන බව දන්වන ලිපිය ස්වාධීන මැතිවරණ කොමිසමට යොමු කිරීමයි.

කෘත්‍යාධිකාරි මණ්ඩල තීන්දුව

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සමගි ජන බලවේගයෙන් ඉවත් කළේ බ්‍රහස්පතින්දා රාත්‍රී පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ගත් තීන්දුවකට අනුවයි.

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පක්ෂයෙන් නෙරපීමේ යෝජනාව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික සම්මත කළ බවයි එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

සමගි ජන බලවේග ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී ආණ්ඩුවට එකතු වූ ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධයෙන් පක්ෂයේ විනය කමිටුව පරීක්ෂණයක් සිදුකර තිබෙනවා.

විනය කමිටු වාර්තාව

එම විනය කමිටුව සිදුකළ පරීක්ෂණයේ වාර්තාව පිටු දහසද ඉක්මවා තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

ඉකුත් වර්ෂයේ ඔක්තෝම්බර් මස 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සමගි ජන බලවේගය ගත් තීන්දුවට එරෙහිව යමින් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ඊට පක්ෂව ආණ්ඩුවක් සමග ඡන්දය පාවිච්චි කළා.

ඉන් පසු මන්ත්‍රීවරිය ආණ්ඩු පක්ෂයට එකතු වුණා.

තමාව පක්ෂයෙන් ඉවත් කිරීමට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි මේ වන විටත් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය මාධ්‍ය අමතා ප්‍රකාශ කර තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 11 October 2021 04:24

Related items