May 10, 2024

ඩයනා පක්ෂයෙන් එළියට දැමූ රහසිගත මෙහෙයුම

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සමගි ජන බලවේගයෙන් එළියට දැමීම ඉතා රහසිගතව කළ බව සමගි ජන බලවේග ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා හා මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මද්දුම බණ්ඩාර යන මහත්වරුන් විසින්.

කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය

ඩයනා ගමගේ මන්ත්‍රීවරියව සමගි ජන බලවේගයෙන් ඉවත් කිරීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ගත යුතුව තිබුණා.

එහෙත් එය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් ඇතුලත් නොකිරිමට පක්ෂ මහ ලේකම්වරයා පියවර ගෙන තිබුණු බවයි එම ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාකච්ඡා කරන දේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඒ ගැන සාමාජිකයින් දැනුවත් කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි.

හදිසි තීරණ

එහෙත් හදිසි කාරණයක් එසේ කලින් නොදන්වා කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමේ බාධාවක්ද නැහැ.

මෙහිදී පක්ෂ මහ ලේකම්වරයා ඉහත සඳහන් දෙවැනි පියවර අනුගමනය කළේ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පක්ෂයෙන් ඉවත් කිරීම පිළිබඳ තොරතුරු ඇයට යාම වළක්වා ගැනීම සඳහා බවයි දැනගන්නට තිබෙන්නේ.

අධිකරණ නියෝගය

එසේ දැන ගැනීමට ලැබුනා නම් ගමගේ මන්ත්‍රීවරියට තමාව පක්ෂයෙන් නෙරපීම අත්හිටුවන ලෙස ඉල්ලමින් අධිකරණ නියෝගයක් ගැනීමේ හැකියාව තිබුණා.

එය වළක්වා ගැනීම සඳහායි ගමගේ මන්ත්‍රීවරිය ඉවත් කිරීමේ යෝජනාව කලින් දැනුම් දීමකින් තොරව සමගි ජන බලවේගය අධිකාරි මණ්ඩල රැස්වීමට අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙන්නේ.

එහිදී ඊට සහභාගි වූ සියලු දෙනාගේම අනුමැතිය එම යෝජනාවට ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 10 October 2021 03:31

Related items