May 03, 2024

ව්‍යවස්ථා සංශෝධන දෙකක් ගැන මනෝ ගනේෂන් ඉන්දියානු රජයට කියයි

සිංහල සහෝදරයින් සමඟ ජාතික ප්‍රවාහයේ එක්වී ගෞරවාන්විතව ජීවත්වන මාවත, අපට විවෘත කළ යුතු බව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසනවා.

13වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බවත් පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බවත් ඒවගේම, 16වන සංශෝධනයද මුළුමනින්ම ක්‍රියාත්මක කරමින්, දමිළ භාෂාවේ ගෞරවය සහතික කළ යුතු යැයි ඔහු අවධාරණය කරනවා.

මනෝ ගනේෂන්, පලනි තිගාම්බරම්, වී. රාධාක්‍රිෂ්ණන්, මහලේකම් චන්ද්‍රා සාප්ටර් ඇතුලු දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජිත කණ්ඩායම ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්දන් ශිරුන්ග්ලාගේ මෙරට සංචාරයේදී හමුවී සාකච්ඡා කර තිබෙනවා. මෙරට ඉන්දියානු මහ කොමසාරිස් නිල නිවසේ දී පැවති මෙම සාකච්ඡාවට මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ඇතුළු නිලධාරීන් එක්ව සිටියා. 

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ,

"අපි, සිංහල සහෝදරයින් සමඟ ජාතික ප්‍රවාහයේ එක්වී,  ඒකීය ශ්‍රී ලංකාව තුළ ගෞරවාන්විතව ජීවත් වීමටයි බලාපොරොත්තු වන්නේ. ඒ සඳහා වන මාවත, ඉන්දු-ශ්‍රී ලංකා රජයන් අතර පැවැත්වෙන සාකච්ඡා විවෘත කළ යුතුය. සිරිමා සාස්ත්‍රී ගිවිසුමේ හරය අනුව ශ්‍රීලංකාවේ අනෙකුත් පුරවැසියන් භුක්ති විඳින අයිතිවාසිකම්, ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හිමි කඳුරට දමිළ පරම්පරාවට ද ලැබිය යුතුයි. නමුත්, වතුකරයේ ජීවත් වන දමිළ කම්කරුවන්ගේ පවුල්වලට විකල්ප රැකියා සඳහා ඉඩම් අයිතිය ප්‍රතික්ෂේප කෙරේ. වසර 60 කට පසුවත් පවතින වාතාවරණය ගැන ශ්‍රී ලංකා රජය සමඟ කතා කරන්න. මෙම ජනතාව කෙරෙහි ඉන්දීය රජයට වගකීමක් ඇති බව අපි විශ්වාස කරනවා. " යැයි මන්ත්‍රීවරයා සඳහන් කළා. 

16 වන ව්‍යවස්ථා  සංශෝධනය මුළුමනින්ම නොසලකා හැර තිබෙනවා. මෙම සංශෝධනය මගින්මයි දමිළ භාෂාව පරිපාලන භාෂාවක්, අධ්‍යාපන භාෂාවක් සහ අධිකරණ භාෂාවක් ලෙස පිළිගැනීමට ලක් වූයේ. 13 වැනි සහ 16 වැනි ව්‍යවස්ථා  සංශෝධන දෙකම ඉන්දු ලංකා ගිවිසුම හරහායි ශ්‍රීලංකා ව්‍යවස්ථාවට ඇතුළත් වුණේ. එම නිසා මේවා සම්බන්ධයෙන් ඉන්දීය රජයට වගකිම් ඇති බව අපි විශ්වාස කරනවා." 

සිරිමා සාස්ත්‍රී ගිවිසුමේ හරය අනුව ශ්‍රී ලංකාවේ අනෙකුත් පුරවැසියන් භුක්ති විඳින අයිතිවාසිකම්වලට සමාන අයිතිවාසිකම්, ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හිමි කඳුරට දමිළ පරම්පරාවට ද ලැබිය යුතුයි. ශ්‍රී ලංකාවේ වඩාත්ම පසුගාමී කොටස වන වතුකරයේ ජීවත් වන දමිළ කම්කරුවන්ගේ පවුල්වලට විකල්ප වෘත්තීන් සඳහා ඉඩම් අයිතිය අහිමි වෙමින් පවතිනවා. සිංහල සහෝදරයින් සමඟ ජාතික ප්‍රවාහයේ එක්වී, ඒකීය ශ්‍රී ලංකාව තුළ ගෞරවාන්විතව ජීවත් වීමටයි බලාපොරොත්තු වන්නේ. ඒ සඳහා වන මාවත, ඉන්දු-ශ්‍රී ලංකා රජයන් අතර පැවැත්වෙන සාකච්ඡා විවෘත කළ යුතුය."

"1964 වන වසරේ දී සිරිමා ශාස්ත්‍රී ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව වසර 60 කට පසුවත් පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රීලංකා රජය සමඟ කතා කරන්න. මේවගේ ම තමයි 1987 වසරේ ඉන්දු ලංකා ගිවිසුමද මුළුමනින්ම ක්‍රියාත්මක වන්නේ නැහැ. මේවා සම්බන්ධයෙන් ඉන්දීය රජයට වගකිම් තිබෙනවා. ඉන්දියානු රජයට ඇති වගකීම්වලට අනුව මෙම කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමඟ රාජ්‍ය තාන්ත්‍රිකව කතා කරන ලෙස අපි ඉන්දීය රජයෙන් ඉල්ලා සිටිනවා."

Rate this item
(0 votes)

Related items