May 14, 2024

දේශීය ඖෂධ මංජුසාවෙන් ගහන ගාන ෆොන්සේකා හරියටම කියයි

නිවෙස් වලට ලබාදෙන දේශීය වෛද්‍ය මංජුසාවෙන් රු. කෝටි 200 වත් (රු. ලක්ෂ 20000) හොරකම් කරන බවට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ සඳහා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වැය කරන මුදල රු.කෝටි 600ක් බවත් පෙන්වා දුන් ෆොන්සේකා මහතා තමාටද එවැනි පැකට්ටුවක් පාර්ලිමේන්තුවෙන් පිටව යද්දී ලබා දුන් බවත් සඳහන් කළා.

ඕනෑම නිවසක තිබීම

ඕනෑම නිවසක ඔය දේශීය ඖෂධ මංජුසාවේ තිබෙන කොත්තමල්ලි වෙනිවැල්ගැට තිබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

දේශීය ඖෂධ විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා වන සිසිර ජයකොඩි මහතා තමන්ගේ ආසනේ හොඳ මිත්‍රයෙකු බවත් ඔහු එය යහපත් ක්‍රියාවෙන් කරනවා විය හැකි බවත් ෆොන්සේකා මහතා සඳහන් කළා.

මැදිහත්වන්නන්ගේ ගසා කෑම

එහෙත් ස්ථිර ලෙසම ඊට අතරමැදි ලෙස මැදිහත් වෙන අය ඉන් රු. කෝටි 200 කට වඩා මුදලක් ගසා කන බව සඳහන් කළේ රටේ හැම වැඩක්ම සිදුවන්නේ ඒ ආකාරයට බව පෙන්වා දෙමින්.

ඇවිදින මං තීරු හදන්නෙත් ඒ ආකාරයටම ගසාකෑමට බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

දෙවේල කන මිනිස්සු

තුන්වේල කන්න බැරිනම් වේල් දෙකක් කෑවම ප්‍රමාණවත් බව ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු සඳහන් කළ බව මතක් කර දුන් මන්ත්‍රීවරයා එහෙම කන මිනිස්සුන්ට බහින්න තෙලක් නැති බැවින් ඇවිදින මංතීරු අනවශ්‍ය බවයි සඳහන් කළේ.

තුන් වේලක් කන්න බැරිනම් වේල් දෙකක් කන්න කිව්වා මන්ත්‍රීවරයා වන්නේ ජගත් කුමාර මහතායි.

Rate this item
(0 votes)
Last modified on Friday, 08 October 2021 18:54