May 12, 2024

ඩයනා ගමගේ පක්ෂයෙන් නෙරපයි Featured

සමගි ජනබලවේයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ සමගි ජන බලවේගයෙන් නෙරපා හැරීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ ඊයේ(08) රැස් වූ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණයක් අනුවයි. 

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රිනි ඩයනා ගමගේ මහත්මිය පවසන්නේ තමන්ට හිමි පක්ෂයෙන් තමන් නෙරපා හැරීමට කිසිවෙකුටත් නො හැකි බවයි.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක වන ඩයනා ගමගේ මහත්මිය 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්නා අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයට පක්ෂව තම ඡන්දය ලබා ලබා දුන්නා.

Rate this item
(0 votes)